නමස්කාර වේවා බුදු රැවනට සැමදා බුදු හිමි සරණ යමි.

කළන මිතුරැ සඟ රැවන වෙතින් නිති සම්බුදු බණ පද මටද ඇසේවා
නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳුගෙ බණ සිහිවේවා
දුවන සිතට සැණසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැළසේවා
පවන විලස පවු බැහැර කරණ්නට විදර්ශනා නුවනද ඇතිවේවා

Thursday, January 3, 2013

සිංහළ අලුත් අවුරැද්ද අපට ලැබුනෙ මෙහෙමයි...



    සිංහළ බෞද්ධයා අප්‍රේල් 14 වනදට බෞද්ධ ආගම කියල හිතාගෙන අදහන්නෙ හින්දු ආගමයි. ජාතික උත්සවයක් හැටියට සාමාන්‍ය ජනතාව මේක සැමරීම ලොකු වරදක් නොවෙයි.අවුරැද්දකට දවසක් හරි ඥාතීන් එකතුවන දවසනෙ.
නැත්නම් සිංහලයන්ට නෑකම් අමතක වෙනවා
         ඒක එහෙම උනාට බෞද්ධ ආගම අතහැරල එදාට හින්දු ආගම ඇදහීමෙන් බෞද්ධ ජනතාව විශාල ලෙස අකුසල් රැස් කර ගන්නව. පරම්පරා ගනනාවක් වැඩිහිටියන් ගෙන් අපට උරැම කල මේ මිත්‍යා ඇදහිල්ල අපට දැන් පේන්නේ අපේ දෙයක් වගේමයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය අසන්නට නොලැබුන සියලුම දෙනා හිතන්නේ හින්දු ආගමේ එන මිත්‍යා විශ්වාස මිත්‍යා චාරිත්‍ර සියල්ලම බෞද්ධ චාරිත්‍ර කියලයි.
 අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර සකස් වෙන්නත් උපාදාන ප්‍රත්‍යයෙන් භවය සකස් වෙන්නත්  භවය ප්‍රත්‍යයෙන් ඊලඟ උපත තිරිසන් ලෝකයේ උපදින්නත් මේ මිත්‍යා දිට්ඨික අවුරැදු චාරිත්‍ර අපට උදවු කරනව.

පටිච්ඡ සමුප්පාදයේ හට ගැනීමත් පටිච්ඡ සමුප්පාදයේ නිරෝධයත් ගැන සාමාන්‍ය තරමේ වැටහීමක් වත් නැත්නම් මේ අකුසලය කෙනෙකුට වැටහෙන්නේ නැහැ..
                     බුදු රජාණන් වහන්සේ දේශනා කලේ තදින්ම මිත්‍යා දිට්ඨිය අදහන අයට උපත් දෙකක් පමනක් හිමි වන බවයි.එක්කො නිරයෙ නැත්නම් තිරිසන් ලෝකෙ..
සිංහළ බෞද්ධයාව මුලා කරල අපට දීපු මේ මිත්‍යා චාරිත්‍ර අදහන්න යාමෙන් සසර ගමන දිග වෙන එක විතරයි වෙන්නෙ. හිතන්න බැරි මිනිසුන්ට නැකතෙන් තොර ලෝකයක් කොහෙන්ද?.
   බෞද්ධ සිංහලයෝ නැකතට ඉර පායනකම් බලන් හිටියට අතීතයේ ආගම වෙනස් කරපු සිංහලයට මේ මිත්‍යාව ගිහින් නැහැ.   බෞද්ධ ජනතාව හිරවෙලා ඉන්නේ අනුන්ගේ රාමුවක් ඇතුලේ..


අතීතයේ මේ සිදු උන වරද නැවත කවදාවත් නිවරදි කරන්න බැහැ.  පොඩි කාලෙම ලමයින්ගෙ ඔලුවට මේ මිත්‍යාව බැස ගන්නව.
බෞද්ධ දරැවෙකුට අකුරු කියවන්නෙත් සම්පූර්නයෙන්ම මිත්‍යාවේ පිහිටලයි. අලියට මොලේ නැත්නම් අලි ඔලුවල මොලේ නෑ කියල හිතන්නවත් වැඩි හිටියන්ට තිසරණය පිළිබඳ අවබෝධයක් නැහැ.
   ඒ නිසා ප්‍රඥාවට අගතැන්පත් සාරිපුත්ථ මහ රහතන් වහන්සේගේ පොටෝ එක වෙනුවට මිත්‍යා දෘෂ්ඨික රෑප වල සරණ පතනව.
සාරිපුත්ථ මහරහතන් වහන්සේ
ක්‍රිස්තියානි පාසලක ලමයෙක් එලියට යන්නෙ හොඳ කිතුනුවෙක්වෙලා. මුස්ලිම් පාසලකින් out වන්නෙ හොඳ තම්බියෙක් වෙලා. බෞද්ධ පාසලක ලමයෙක් එලියට එන්නෙ බාගෙට හින්දු වෙලා..ක්‍රිස්තියානි ලමයි බයිබලේ ඉගෙන ගන්නවා. මුස්ලිම්වරැන්ට කුරානය උගන්වනවා. අපට උගන්වන පොත ගුරැවරැ දන්නෙත් නෑ. ගුරැන්ගෙ ගුරැවරැ දැණගෙන හිටියෙත් නෑ. පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට පින් සිදු වෙන්න දැන්  අපට තේරෙන සිංහලෙන් ඒවා ලියවිලා තියනවා..
බුදු රජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙක් හෝ පැවිදි ශ්‍රාවකයෙක් මේ සංසාර ගමනින් අත්මිදෙන්න අවංකව උත්සාහ කරනවා නම් පලමුවෙන්ම සංස්කාර හැදෙන එක නවත්තන්න ලොකු උත්සාහයක් ගන්න ඕන. අවිද්‍යාව අදහා ගැනීම සහමුලින්ම දුරැ කරන්න ඕන. පටිච්ච සමුප්පාදයේ හට ගැනීම වලක්වා ගත්තෙ නැත්නම් සංස්කාර හැදෙන එක නවත්වන්නෙ කොහොමද..අවිජ්ජා පච්චයා සංකාරා....බුදු රජාණන් වහන්සේ දේශනාකලේ එහෙමයි.
     අපි මේවා සම්ප්‍රධායයි කියල හිතාගෙන සුලුවට හිතුවට අපේ ඊලඟ භවය තිරිසන් ලෝකෙට සංස්කාර හැදෙන්න නැකතට උතුරැවන කිරි මුට්ටියෙ අවිද්‍යාවත් ප්‍රමානවත්..
තිසරණය අත හැරල නැකත් සරණ ගිය අය නැකතට සතුන්ගෙ ඔලුවෙත් තෙල් ගානව...
 බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් යුගල වශයෙන් හතරයි පුද්ගලයන් වශයෙන් අටයි. (යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ) මේ අට දෙනාට අයත් නොවන ශ්‍රාවක සංඝයා බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නොවන වග බුදු රජාණන් වහන්සේ විසින්ම සාමඤ්ඥඵල සූත්‍රයේදී දේශනා කොට වදාලා.
                බුදු රජාණන් වහන්සේගේ ධර්මයේම හැසිරෙන පින්වත් ස්වාමීන් වහන්සේලා මහමෙවුනා අසපුවල  වැඩ සිටිනවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා අතර මගඵල ලාබීන් බිහි වේවි..
ලෝකයේ තියන ලොකුම උපාදිය ගත්තත් මැරිල යන්නෙ සතර අපායෙ නම් එතකොට ඒකෙන් පිහිටක් නෑ.
පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු බොහෝ ස්වාමීන් වහන්සේලාත් පින්වත් අනගාරිකා මෑනිවරැත් උපාධිය අතහැරල පැවිදි උනේ පටිච්ඡ සමුප්පාදය අවබෝධ උන නිසාමයි. ඒ පින්බර මහමෙවුනාවට නමස්කාර වේවා....



බෞද්ධ සිංහලයෝ තරම් අනුන්ගේ ආගම් අදහන පිරිසක් ලෝකයේ තවත් නැතුව ඇති. අන්‍යාගමික චාරිත්‍ර සේරම රිංගන්නෙ බෞද්ධ වේශයෙන්. ඒ නිසා කිරි අම්මගෙ දානයත් බෞද්ධ වෙස්ගත් අවිද්‍යා සගගත දෙයක් කියල පෘතග්ජන බෞද්ධයන්ට වැටහෙන්නෙ නෑ. දානය සම්බන්ධව  බුදු රජාණන් වහන්සේ මේතරම් ලස්සනට පැහැදිලි කරල තිබෙද්දිත් ඒක නොවැටහෙන්නෙ අශ්‍රැවත් පෘතග්ජන භාවය නිසාමයි.
දානයක් දීමට පෙර දානයේ ආනිසංස දැනගෙන අවබෝධයෙන්ම දන් දෙන්න. වේලාම සූත්‍රය අහන්න.

අශ්‍රැතවත් පෘතග්ජනයා ගැන දැනගෙන ඉන්න. මොහු ආර්යන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ.ආර්ය ධර්මයෙහි හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නෙත් නැහැ.සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ.සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නැහැ.    මූලපරියාය සූත්‍රය
ගිහි කෙනෙක් හෝ පැවිදි වූ කෙනෙක් හෝ පෘතග්ජන ස්වභාවයෙන් මිදිය නොහැකිව, ලාභ සත්කාර මත යැපෙමින් බුද්ධ ශාසනයේ විනාශයට කටයුතු කරනවා නම් ඔහුට ඉපදීමට සිදු වන්නේ ඉතාමත් දුක් වූ පරිසරයකය. බවයේ වැඩි හරියක්ම රාගයත්, ද්වේශයත් ,මෝහය ත් , බියත් මුසුවුන සතර අපායට වැටි වැටී යාම හැර වෙන කවර නම් ගැලවීමක් ඔවුන්ට තිබේ ද? මහණෙනි, මේ සංසාරය පුරා බෙලි කැපුම් වලට ලක්වී ගලා ගිය රුධිරය මේ සතර මහා සාගරයට වඩා වැඩි යැයි භග්‍යවතුන් වහන්සේ වදාළේ, මැනවින් භවයෙන් භවයට සත්වයින් සැරිසරන අයුරු බුදු නුවණින් ම දැක අවබෝධ කර ගත් හෙයිණි.
 පෘතග්ජන භාවය දැනගන්න ඕන නම්   අස්සුතවත්තු සූත්‍රය  අහන්න......ඒත් අඳ බාල පෘතග්ජනයින්ට සත්‍ය ධර්ම ඇහෙනකොට කේන්ති යන බව බුදුරජාණන් වහන්සේ  දුක්ඛථා සූත්‍රයේදී දේශනා කලා..
පෘතග්ජනයා ගෙන් බණ අහල කවදාවත් ශ්‍රෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න බැහැ. ඒ නිසා පෘතග්ජන දේශනා ශ්‍රවනය කිරීමේදී පරිස්සම් විමට නම් තමන්ට හොඳ ධර්මාවබෝධයක් තිබිය යුතුයි.

     ගිහි බුදුවරැන්ට හාමුදුරැවොත් වඳින යුගයක ජාතියේ වාසනාවට බුද්ධ ශාසනයම පිරිනිවෙන්න කලියෙන් මහමෙවුනාව බිහි උනා..ලොකු ස්වාමීන් වහන්සේ මේ සත්‍ය පෙන්වා නොදෙන්න අපි අදටත් හිතන්නෙ ඇත්තටම සූර්යා මීණ රාශියෙන් මේශ රාශියට ගියා තමා කියලයි..

                                             මේ ලෝකය විනාශ වෙන ආකාරය බුදු රජාණනන් වහන්සේ  සප්ත සූරියග්ගමන  සූත්‍රයේදී දේශනාකලා. ලෝකය යලි සැකසෙන්නේ අග්ගඤ්ඥ සූත්‍රයේ විදියටයි. ඒත් ශ්‍රද්ධාවට නොපැමිනි කිසිවෙක් මේවා පිලි ගන්නේ නැහැ.
 සිංහළ බෞද්ධයා මිත්‍යා විශ්වාස ඇදහිල්ල අනිත් අයට වඩා වැඩියි.ගේක ජනෙල් උලුවහු සමානවීමෙන් ගෘහ මූලිකයාට අපල කතාව සත්‍යයක් උනානම් යුරෝපයේ තට්ටු ගනන් මැරේවි...
වහලේ පරාල කොතන තිබුනත් ඒකෙන් විපාක පිනිස කර්ම සකස්වෙන්නෙ නැහැ.  ඒක ඇත්තයි කියල විශ්වාස කරගෙන ඉඳීමෙන් විපාක පිනිස කර්ම සකස් වෙනව. උපාදාන පච්චයා භවෝ.......
මෑත ඉතිහාසයේ බිහිවු තාරකා විද්‍යාඥයො සොයාගත්තෙ ග්‍රහ ලෝක නමයක් විතරයි.  ඒ උනාට බුදු රජාණන් වහන්සේ  කෝටිසතසේසු චක්ඛවාලේසු  යනුවෙන් අනන්ත අප්‍රමාන  ග්‍රහ ලෝක ලෝක විදූ ඥානයෙන් අවබෝධ කලා. උන් වහන්සේට තිහ සහස්සී මහ හසස්සී ලෝක ධාතුවටම ධර්මය පැතිරවීමේ හැකියාව තිබුන..
ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අපව අනාථ කරල නොවෙයි. මේ ලෝකයේ සනාතන සත්‍ය අපට පෙන්වාදීල තියනවා.
වර්ථමාන ලෝකයේ දියුනු රටවල් ඒ දියුනුව ලබාගෙන තිබෙන්නේ නැකතට වැඩ නොකිරීම නිසයි. නැකතින් තොරව ලෞකික ජීවිතය වාසනාවන්ත කරගන්නා ආකාරය බුදු රජාණන් වහන්සේ ව්‍යග්ගපඡ්ඡ සූත්‍රයේදී දේශනා කොට වදාලා.
   බුදු රජාණන් වහණ්සේ හොඳම නැකත් වෙලාව හැටියට ගන්න කිව්වේ තෙරැවන් සරණ යන වෙලාවයි..සුබ වැඩක් කරනවිට ඒ නැකතට වඩා වෙනත් සත්‍යයක් නැහැ. සුද්ද හදපු ඔරලෝසුවට හරියටම තත්පරේට නැකත් හදන්නො ඕකකරන්නෙ අවබෝධ කරල නෙමයිනෙ.............   
යදිදං ඡත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලයන්ට අයත්වන ඒ මහමෙවුනාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා දැන් ලෝකය පුරාම වැඩ සිටිනවා.
   මේ සත්‍ය මතුකර දුන් කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙවුනාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාටත් පින්වත් අනගාරිකා  මෑනි වරැන්ටත් මාගේ නමස්කාරය වේවා..
මේ ගෞතම සාසනයේදීම  චතුරාර්‍ය සත්‍ය  අවබෝධ වේවා..