නමස්කාර වේවා බුදු රැවනට සැමදා බුදු හිමි සරණ යමි.

කළන මිතුරැ සඟ රැවන වෙතින් නිති සම්බුදු බණ පද මටද ඇසේවා
නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳුගෙ බණ සිහිවේවා
දුවන සිතට සැණසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැළසේවා
පවන විලස පවු බැහැර කරණ්නට විදර්ශනා නුවනද ඇතිවේවා

Thursday, January 3, 2013

ඕපනයිකවු අකාලික මුනි දහම

රෑප වේදනා සංඥා සංකාර විඤ්ඤාන යන පඤ්ච උපාදානක්ඛන්ධය වෙනස් 
වන එකක් කියල අනිත්‍ය දෙයක් කියල අවබෝධ වෙන කෙනා
 ශ්‍රද්ධානු සාරී නම් ධම්මානුසාරී නම් අස්සුතවත් පෘතග්ජන තත්වය ඉක්මවා  ගොස් සිටී නම් ඔහු නිරයේ  හෝ ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් අපායේ උපදින්නේ නැහැ...
ඔහු සෝතාපණ්න පලයට පත් නොවී මිය යන්නේ නැති බව බුදු රජාණන් වහන්සේ  සංයුත්ත නිකායේ ඛන්ධක වර්ගයේ ඔක්ඛන්ති සංයුත්තයේ පැහැදිලිවම දේශනා කරල තියනව......672 පිටුව


යෝ භික්ඛවේ, ඉමේ ධම්මේ ඒවං ජානාති ඒවං පස්සති, අයං වූ-චති
සෝතාපණ්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධිපරායනෝති.



      බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මේ සසර ගමන පටන් ගත් තැන සොයල අවසන් කරන්න බැහැ කියලයි. ඉපදෙමින් මිය යමින් යන මේ සසර ගමන සතර අපායේ වැටෙමින් යන භයානක ගමනක් බවත් මේ සසර ගමනෙදී නොයෙක් ආකාර විපත් වලදී අප හලපු රැධිරය මහා සාගරයේ ජලයටත් වඩා වැඩි බවත් බුදුන් වහන්සේ වදාලා..
මේ භයානක සසර ගමනින් නිදහස් වෙන එකම මඟ ආර්‍ය සත්‍ය අවබෝධ කිරීමයි.
  කෙනෙක් සෝතාපන්න  උනොත් භව හතක් ඇතුලත මේ සසර ගමන කෙලවර වනවා.
නතේ භවං අට්ඨමං ආදියන්ති......


සෝතාපණ්න වීමට නම් සක්කාය දිට්ඨියත් සීලබ්බත පරාමාසත් විචිකිච්චාවත් ප්‍රහානය විය යුතුයි. සක්කාය දිට්ඨිය නම් ස්වකීය කාය පිලිබඳව ඇති ආත්ම දෘෂ්ඨියයි. නැතහොත් රෑප වේදනා සංඥා සංකාර විඤ්ඤානය යන පංච උපාදානක්ඛන්දය මමය මාගේය කියල ගැනීමයි.
සීලබ්බත පරාමාස නම් අපි හරි කියල අල්ලගෙන සිටින වැරදි සීල වෘතයි.පරාමාස කියන්නෙ උපාදාන වලටයි. නැතහොත් යමකට ග්‍රහනය වීමයි.
විචිකිච්චාව නම් සැකයයි.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය අදහන එකක් නොවෙයි. මේක අවබෝධ කලයුතු ධර්මයක්... මේ තරම් කාලයක් අපි කරල තිබුනෙ ආගම අදහපු එකයි.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙවුනාවාසී ස්වාමීන් වහන්සේලා අපට හරි මඟ පෙන්වා දුන්නා....

මේ ධර්මය ස්වාක්ඛාතයි, මනා කොට දේශනා කල එකක්
මේ ධර්මය සන්දිට්ඨිකයි, මේ ජීවිතයේදීම අත් දකින්න පුලුවන්
මේ ධර්මය අකාලිකයි, කාලෙන් කාලෙට වෙනස් වෙන්නෙ නැහැ
එන්න බලන්න, තමා තුලට  පමුනුවාගෙනම බලන්න.
එතකොට තම තමන්ගේ ඤානයේ ප්‍රමානයට අවබෝධ වෙයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය පාශු කූලෙදි අවබෝධ කරන්න බැහැ.  බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය හත් දවසෙ දානෙදි  අවබෝධ කරන්න බැහැ. ඒක මේ ජීවිතයේදීම අවබෝධ කල යුතු ධර්මයක්. ධර්මය සන්දිට්ඨික වෙන්නෙ ඒකයි. මේ ලෝකයේ අනෙකුත් සියලු ආගම් තිබෙන්නෙ මැරිල ගිහින් බලන්නයි. බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නෙ ඒහි පස්සිකෝ වශයෙන් මියයාමට කලින් ඇවිත් බලන්නයි.. දුකේ හට ගැනීමත් දුකේ නැති වීමත්   සරලව පැහැදිලි කල එකම ශාස්තෲන් වහන්සේ බුදු රජාණන් වහන්සේම පමනයි..
   දහස් ගනන් මිනිසුන් මරපු අංගුලිමාලත් මේ ධර්මය අවබෝධ කලා නම් අපිට බැරි වෙන්න කාරනාවක් නැහැ.

සැම විටකම සම්මා දිට්ඨියේම  සිත පවත්වා ගන්න. කිරි උතුරවල සෞභාග්‍ය  ලැබෙන්නෙ නැහැ. පුජාවල් තියල  පොල් ගහල අමනුස්ස බලවේග ලං කරගෙන මේ ගමනයන්න බැහැ. මිත්‍යාව අදහා ගැණීම හරිම භයානකයි.
                       බුදු රජාණන් වහන්සේ දේශනා කලා තදින්ම මිත්‍යා දිට්ඨිය අදහන්නන්ට උපත් දෙකක් පමනයි කියල.
යථා බතං නික්ඛිත්තං ඒවං ඉඡ්ඡාය උප්පඡ්ඡති.
එක්කො නිරයෙ නැත්නම් තිරිසන් අපායෙ............

  තදින්ම මිත්‍යා දිට්ඨිය අදහන අනෙකුත් ආගම් වල උදවියට ප්‍රේත කරදර නැත්තෙත් ඒකයි. පිං ගන්නවත් පුලුවන් ප්‍රේත ලෝකයක ඉපදීමේ අවස්ථාව තියෙන්නෙත් බෞද්ධයන්ට පමනයි..
මේ අපට ලැබුන අවසාන අවස්තාව වෙන්න පුලුවනි
නැවතත් සසරට වැටිල මනුෂ්‍ය ආත්මයක් ලබද්දි මේ ගෞතම සාසණය මිහි පිටින් අතුරැදන් වෙලා තිබේවි..
බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මඤ්ඤකයේ
  අන්තිමට ඇස් පියා ගන්න කලින් කිව්වෙත් ප්‍රමාද වෙන්න එපා කියලයි..
මේ විඤ්ඤානයත් අනිත්‍ය දෙයක්. මේක බාහිර කෙනකුට  වෙනස් කරන්න බැහැ. බෝධි පූජා කරල විඤ්ඤානය වෙනස්කරන්නත් බැහැ.
එකම විඤ්ඥානයක් භවයෙන් භවයට යන්නෙත් නැහැ.

හේතු නිසා විඤ්ඤානය සකස් වෙනව
හේතු වෙනස් වෙනකොට විඤ්ඤානය වෙනස් වෙනව
හේතු නිරැද්ධ වෙනකොට විඤ්ඤානය නිරැද්ධ වෙනව

    විඤ්ඤානය කියන්නෙ විශේෂයෙන් දැන ගන්නේය කියන එකයි. (විජානාති' ති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති.) ඛඡ්ජණීය සූත්‍රය.

අපට මේ විඤ්ඤානය වෙනස් කරගන්න පුලුවන් වෙන්නෙ බුද්ධ දේශනා ශ්‍රවනය කලොත් පමනමයි..
මේ ලෝකයේ ගුරැ උපදේස රහිතව තනිවම විඤ්ඤානය වෙනස් වෙන්නෙ සම්මා සම්බුදු වරැන්ටයි පඤ්ඥේක බුදුවරැන්ටයි
 පමනයි........සාරිපුත්ත මොග්ගල්ලාන ආදී රහතන් වහන්සේලාත් මේක අවබෝධ කලේ ධර්මය ශ්‍රවනය කිරීමෙන්මයි...
 එක අම්මගෙ කුසේ නිවුන්නු වෙලා ඉපදුනත් භව ගමන යන්නේ තනි තනිවමයි. අත්වැල් බැඳගෙන පීනන්න ගියොත් ඔක්කොමල නැවතත් සසරේ ගිලෙනවා.

 අපි පරම්පරාවෙන් රැක ගෙන ආව බොහොමයක් චාරිත්‍ර වාරිත්‍ර මිත්‍යාවට යට වෙලා කියල  අපට වැටහෙන්නෙ මේ ශ්‍රි සත් ධර්මය නුවනින් මෙනෙහි කලොත් පමනයි.  පරම් පරාවෙන් ආ පමනින් ගන්න එපා කියල බුදු රජාණන් වහන්සේ  කාලාම සූත්‍රයේදී දේශනා කොට වදාලා.
අපේ වාසනාවට දැන් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය ඒ ආකාරයෙන්ම ශ්‍රවනය කිරීමට අපට ලැබිල තියනව.
මීට අවුරුදු දහයකට කලින් අපි දන්නා ඉතිහාසයේ මේ ධර්මය මේ විදියට කතා කරල නැහැ...

අපි හිතාගෙන හිටියෙ මැරෙන සියලු දෙනාම හත් දවසෙ දානයට ගෙදර එනව කියලයි. ඒත් බුද්ධ දේශනා ඇහෙද්දි තමයි තේරෙන්නෙ මැරෙන සියලු දෙනාටම පාංශු කූලෙටවත් එන්න බැරි බව.
ත්‍රිපිටකය ගැන අපි දැන ගෙන හිටියෙ මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරෑඩ කරන ලදී කියලයි. ජත්ත මානවක ගාථා අදත් බෝහෝ ලමයි දන්නෙ ඉස්කෝල ඇරෙන වෙලාවට කියන ගාථාව කියලයි.ජාතක කථා උසස් පෙල පන්ති වලට ඉගැන්නුවෙ  ජාතක කථා කතුවරයා යුගයේ අවශ්‍යතාවය මනාව ඉටුකලා යනුවෙනුයි.
. නිරය  ගැන සිතා සිටියෙ පවට බය කරන්න හදපු කථා කියලයි. බුදු රජාණන් වහණ්සේ නිරය ගැන අවබෝධයෙන්ම දේශනා කල ධර්මය  ස්‍රද්ධාවෙන් අහන්න. ස්‍රද්ධාව  නැති කිසිම කෙනක් මේක කොහොම විශ්වාස කරන්නද ?.  
 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා දැන් අපට ඒ බුද්ධ දේශනා අහන්නට තියනව.
නැත්නම් අපට  මේ සූත්‍ර දේශනාවල නම් වත් නොඅසාම මිය යන්න තිබුනා.. 

මේ වනකොට බොහෝ ස්වාමීන් වහන්සේලා මහමෙවුනාවට බනිමින් හෝ සූත්‍ර දේශනා පවත්වන නිසා කොහොම හරි මේ සත්‍ය අවබෝධ කර ගන්න බලමු.. හැබැයි කොයි හාමුදුරැවණ්ගෙන් බණ ඇහුවත් බුදු හාමුදුරැවන්ගෙ බණ විතරක් ඇසීමට තමන්ම වග බලා ගන්න..............
 බෞද්ධයෙක් වශයෙන් නිකංම්ම මිය යන්න එපා..   අඩු තරමෙ ශ්‍රද්ධාවට වත් පැමිණෙන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයෙන් ටිකක් වත් දැනගෙන මියයන්න.... 
  සියලුම සත්වයන් උපදිමින් මිය යමින් මේ භව ගමන යන්නේ ආත්මයක් තිබිල නොවෙයි. බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් මේ ධර්මතාවය අනාත්මයි.
ප්‍රාර්ථනා කරල කිසිම දෙයක් තමාගේ වසඟයේ පවත්වන්ට බැහැ..  මැරැනට පස්සෙ නිවන් සැප ලැබේවා කියල රට පුරා බැනර් ගැහුවත් වැඩක් නැහැ.
ඒක ජීවත් වෙලා ඉන්දෙද්දි අවබෝධ කල යුතුයි.

  මැරෙන කොටම නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ දෙවියන් අතරනැවත උපදින්නෙ චුති සිත නිසා නොවෙයි.
      ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා අටක් පිලිබඳව තථාගතයන්වහන්සේ අක්ඛන සූත්‍රයේදී දේශනා කොට වදාලා. අක්ඛන සූත්‍රය  අහලම බලන්න අපි කොච්චර වාසනාවන්තද කියල..ඒ වගේම ධර්මය අවබෝධ වීමට හේතුවන ප්‍රධාන කරැනු අටකුත්  බුදු රජාණන් වහන්සේ  පෙන්වා දුන්නා.
සද්ධාති තථාගතස්ස බෝධිං.....
ස්‍රද්ධාව කියන්නෙ තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැණීමයි.
 මේ අවබෝධය ලැබෙන්න නම් එක්කො අහන්න ඕන නැත්නම් කියවන්න ඕන....
නිර්මාංශ  උනා කියලත් ධර්මය අවබෝධ වෙන්නෙ නෑ.මාංශ ආහාර ගැණීමෙන් පවු සිදුවන ආකාරය බුදු රජාණන් වහන්සේ ජීවක සූත්‍රයේදී දේශනා කලා.  තිරිසන් ලෝකයේ උපදින සතුන් මරණ එකයි මැරෙන එකයි කවදාවත් අපට නවත්වන්න බැහැ. බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිද්දිත් පංසල පිටිපස්සෙ වත්තෙ චුන්දගෙ ඌරැ මස් මඩුව තිබුන. ඒ නිසා තිරිසන් ලෝකයේ නූපදින්න මේ ධර්මය පිලිසරණ කර ගන්න.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය සසරෙන් එතෙර වීමට පහුරක් ලෙස යොදා ගනිමු.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ තිරිසන් අපායේ නූපදින්න පිලිසරණ කර ගන්නයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ අසුර ලෝකවල නූපදින්න පිලිසරණ කර ගන්නයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ ප්‍රේත ලෝකයේ නූපදින්න පිලිසරණ කර ගන්නයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ නිරයේ නූපදින්න පිලිසරණ කර ගන්නයි...

සතියක් පිරිත් කියල මහතට නූලක් බැඳ ගත්තත් මේක අවබෝධ වෙන්නෙ නෑ. පිරැවානා පොත්වහන්සේ  අවබෝධයෙන්ම  සඡ්ඡායනා කරන්න.
බෞද්ධයෙක් වශයෙන් ඉපදිලා ශාසනික දුප්පත්කම  උරැම කර ගෙන පෘතග්ජනයෙක් වශයෙන් මිය යන්න එපා.
හතර පෝයටම සිල් ගත්තත් ආකාරවතී සද්ධාව නැත්නම් එතන ස්‍රද්ධාව නැහැ.   පිරිසිදු බුද්ධ වචනය දැන් අහන්න තියෙන වෙලාවේ ප්‍රමාද වෙන්න එපා......
ඉතින් ඔබත් සෝතාපත්ති අංග ඇති කරගන්න.... ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කර ගන්න. ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කර ගන්න. ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කර ගන්න. ආර්‍ය කාන්ත ශිලය ප්‍රගුන කරන්න. මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නවා’ කියලා අධිෂ්ඨාන කර ගන්න..තමා තමාවම පිහිට කර ගන්න.
ඔබට මල් පූජා කරල පමනක් මේ අවබෝධය ගන්න බැහැ.පහන් දල්වල පමනක් මේ අවබෝධය ගන්නත් බැහැ.  සුක්කානම අතගාල වැන්දට අවබෝධ වෙන්නෙත් නැහැ.බෝධි පූජාවෙන් අවබෝධ වෙන්නෙත් නැහැ.බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය අවබෝධ වෙන්න නම් අහන්නම ඕන.
    මල් පූජා කරන විටත් පහන් දල්වන විටත් බුද්ධානුස්සතිය වැඩෙන ආකාරයට අවබෝධයෙන්ම ශ්‍රද්ධාවෙන් කරන්න එය පින වර්ධනය වීමට උපකාර වෙනව.

භාග්‍යවතුන් වහණ්සේ වදාල බුද්ධ දේශනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ හඩින් අසන්නට  මෙතන කොටන්න
මේ සත්‍ය අපට මතුකර දුන් කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා........
මේ ගෞතම සාසනයේදීම  චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා..
     

                   

සාදු සාදු සාදු..