නමස්කාර වේවා බුදු රැවනට සැමදා බුදු හිමි සරණ යමි.

කළන මිතුරැ සඟ රැවන වෙතින් නිති සම්බුදු බණ පද මටද ඇසේවා
නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳුගෙ බණ සිහිවේවා
දුවන සිතට සැණසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැළසේවා
පවන විලස පවු බැහැර කරණ්නට විදර්ශනා නුවනද ඇතිවේවා

Wednesday, January 2, 2013

සනාතන සත්‍ය

ධම්මෝ හවේ රක්ඛති ධම්ම          චාරී
චත්තං මහන්තං යථා වස්ස       කාලේ
ඒසානි සංසෝ ධම්මෝ       සුචින්නෝ
න දුග්ගතිං ගඡ්ජති ධම්ම               චාරී

ධර්මයේ හැසිරෙන කෙනාට ඇති රැකවරණය වැස්ස වසිද්දී ලොකු
කුඩයක් යට සිටිනවා වැනිය.....
ඔහු දුගතියේ නොයයි.  එය සනාථන ධර්මයකි




බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය සසරෙන්
එතෙර වීමට පහුරක් ලෙස යොදා ගනිමු.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ තිරිසන් අපායේ නූපදින්න පිලිසරණ කර ගන්නයි.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ අසුර ලෝකවල නූපදින්න පිලිසරණ කර ගන්නයි.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ ප්‍රේත ලෝකයේ නූපදින්න පිලිසරණ කර ගන්නයි.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය තිබෙන්නේ නිරයේ නූපදින්න පිලිසරණ කර ගන්නයි...

සාදු..සාදු..සාදු..........





සාදු..සාදු..සාදු..